තාක්ෂණය දිනපතා දියුණුවෙමින් පවතින අතර බොහෝ ව්‍යාපාර වෙබ් අඩවි හරහා අන්තර්ජාලයට ඔවුන්ගේ පළමු පියවර තබා අවසන්. බොහෝ ව්‍යාපාරයන් තාක්ෂණය සමඟ ඉදිරියට යන බව අපට විශ්වාසයි.

බොහෝ ව්‍යාපාරිකයන් ඔවුන්ගේ ව්‍යාපාර සඳහා online booking පද්ධතියක් ලබාගැනීමට උනන්දු වන්නේ මන්දැයි ඔබ වරක් හෝ කල්පනා කොට ඇති.

එයට හේතු රාශියක් තිබෙනවා. අපි අද එයින් වැදගත්ම හේතු 6ක් ඔබට පෙන්වා දෙන්නම්.

 

1. Online booking පද්ධතියක් සැම විටම ක්‍රියාත්මකව පවතියි

බොහෝ පාරිභෝගිකයෝ වැඩ අවසන් වී සවස් කාලයේදී අන්තර්ජාලයෙහි සැරිසරති. මෙම පාරිභෝගිකයන්ගෙන් බොහෝ පිරිසක් එවෙලේම වේලාවක් වෙන්කරවාගන්නට කැමැත්තක් දක්වන අතර පසුදා නැවත කතා කිරීමට ඇති ප්‍රවනතාවය අඩුය. මෙවැනි අවස්ථාවකදී ඔබ appointments වෙන්කරවාගන්නේ කාර්යාල වේලාවන්වලදී පමනක්නම් මෙම පාරිභෝගිකයන් ඔබට මග හැරී යාම වැලැක්විය නොහැක. නමුත් online booking පද්ධතියක් දවසේ පැය 24දීම ක්‍රියාත්මකයි. මෙම නිසා ඔබගේ පාරිභෝගිකයන්ට ඔවුන්ට පහසු ඕනැම වේලාවක appointment එකක් වෙන්කරවාගත හැක. මෙම පාරිභෝගිකයන් ඔබට නැති වන්නේද නැත.

 

2. ඔබගේ කාලය සහ ශ්‍රමය ඉතුරු කර දෙයි

ඔබ online booking පාවිච්චි නොකරන්නේනම් බොහෝ විට ඔබ පොතක ඔබගේම අතින් appointments ලියාගත යුතු වේ. මෙය සඳහා ඔබට කාලය සහ ශ්‍රමයක් අවශ්‍ය වේ. මේ ඔබට ව්‍යාපාරයේ දියුණුව සඳහා යෙදවිය හැකි කාලයයි.
නමුත්, හොඳ booking system එකකින් appointments වලට අදාල සියළුම දෑ ඉබේම ඉටු කර දෙයි.

උදාහරණ හැටියට,

  • ඉඩ පහසුකම් ඇති වේලාවන්වලට appointments දැමීම,
  • පාරිභෝගිකයාගෙන් අවශ්‍ය සියළුම විස්තර පෝරමයක් මගින් එක වර ඔබ වෙත ලබාගැනීම,
  • SMS, Email හෝ Facebook හරහා ගනුදෙනුකරුවන්ට ස්වයංක්රීයව appointments වලට අදාල විස්තර යැවීම සහ
  • ඔබ සහ ඔබේ ගනුදෙනුකරු සඳහා සේවා වේලාවන් මතක් කිරීම

ආදිය දැක්විය හැකිය.

 

3. පාරිභෝගිකයන්ගේ සියළුම විස්තර එකම තැනකින්

ඔබ සමග ගනුදෙනු කරනා සියළුම පාරිභොගිකයන් එකම පද්ධතියක් හරහා ඔබ සමග සම්බන්ධ වන්නේ නම් ඔවුන්ගේ සියළුම තොරතුරු ඔබට එකම තැනක ලයිස්තුගත කර ගත හැක. වඩාත් වැදගත් වන්නේ, මෙවැනි විස්තර ගබඩා කිරීමෙන් ඔබට පාරිභෝගිකයන්ගේ විස්තර පහසුවෙන් සොයාගත හැකි වීමයි.

 

4. Promotions මගින් ඔබගේ sales වැඩි කරගන්න

ව්‍යාපාරයක අලෙවිය වැඩි කරගැනීම සදහා promotions බොහෝ සෙයින් උපකාරී වේ. හොඳ booking system එකක් ඇති නම් online promotions සක්‍රිය කිරීමේ විශේෂාංගයක් අනිවාර්යෙන්ම ඔබට හිමිවනවා. මෙම ක්‍රමය මගින් ඔබට අලෙවිය වැඩි කරගැනීමට හැකි වන අතර පාරිභෝගිකයන්ටද ඔවුන්ගේ අවශ්‍යතා ද කැමති ආකාරයට සපුරාගත හැක.

 

5. පාරිභෝගිකයින් මඟ හැරී යාම අවම කරගන්න

Online payments කර වේලාවක් වෙන් කරගන්නා පාරිභෝගිකයෙකු නොපැමිණ සිටීම ඉතාමත් අඩුයි. එයට අමතරව, කිසියම් පාරිභෝගිකයෙකුට සේවාව ලබාගැනීමට පැමිණීය නොහැකිනම් එම වේලාව වෙනත් පාරිභෝගිකයෙකුට පැවරිය හැකියි.

 

6. Online payments ලබාගන්න

Online payments කිරීම ඉතාමත් පහසු වන අතර, ඔබගේ පාරිභෝගිකයන්ට ගෙවීම් කිර්‍රිම සදහා පහසු සහ ආරක්ෂාකාරී ක්‍රමයක් වේ.

ඉහළ සදහන් කොට ඇති හේතු වලට අමතරව online booking system එකක් ලබාගැනීම මඟින් ව්‍යාපාරිකයන් හට බොහෝ වාසි සැලසේ.

 

ඔබටත් ඉහත සදහන් විශේෂාංගද සමග සම්පූර්ණ online booking system  එකක් ලබාගැනීමට දැන්ම Easybooking.lk හා සම්බන්ධ වන්න.

Easybooking.lk ගැන දැනගැනීම සදහා biz.easybooking.lk වෙත පිවිසෙන්න. නැතහොත් 0764413040 ට දුරකථන ඇමතුමක් ලබාදෙන්න.