Online appointment booking සේවා කියන්නෙත් වර්තමානය තුළදී එලෙස තාක්ෂණික ලොව තුළ විශාල පෙරළියක් සිදු කරමින් තරඟකාරී ලොවකට හුරු වී සිටින අයට කාලය බොහෝ සෙයින් කාලය ඉතුරු කරවන තාක්ෂණික සේවාවක්. EasyBooking කියන්නෙත් අධික කාර්යබහුල දිවි පෙවෙතකට උරුමකම් කියන ඔබට ඔබේ එදිනෙදා කටයුතු හෝ හමුවීම් (Bookings) සඳහා හඳුන්වා දෙන නවතම සේවාවයි.

 

EasyBooking කියන්නේ අන්තර්ජාලය මඟින් සේවා අපොයිමන්ට්ස් වෙන් කරවාගන්න පුළුවන් ලංකාවේ පළමු හා එකම සේවාවයි. ඔබ දන්නවාද විවිධ සේවාවන් ලබා ගැනීමට රැඳී සිටීමේ දී එක් පුද්ගලයකුට වසරකට පැය 50ක් පමණ නාස්ති වන බව? අපේ ආයතනය ආරම්භ කිරීමට කලින් විශ්වවිද්‍යාල සිසුන්ගේ සහභාගීත්වයෙන් පර්යේෂණයක් කළා ඒ පිළිබඳව. එහි අවසන් වාර්තාව අනුව තමයි අපි ඒ ගැටලූව සොයා ගත්තේ. ඇත්තටම මේ රටේ මූල්‍ය සේවා, රාජ්‍ය සේවා, සෞඛ්‍ය සේවා හා රූපලාවන්‍ය සේවා ආදී විවිධ සේවා ක්ෂේත්‍රයන් තුළ ඒ ගැටලූව බහුලව පැන නැගී තිඛෙන බව අපි හඳුනා ගත්තා. ඉතින් ඒ කාලය නාස්ති කිරීමට තිත තැබීමේ අරමුණින් තමයි EasyBooking හඳුන්වා දුන්නේ. ඇත්තටම මේක රටේ සෑම අංශයකටම යොදාගන්න පුළුවන් වුණොත් අපි හිතනවා මිනිසුන්ගේ වටිනා කාලය ඉතිරි කරවන ජාතික තලයේ වැඩසටහන් බවට පත්වෙයි කියලා.

මොකක්ද මේ EasyBooking?

EasyBooking කියන්නේ එදිනෙදා අවශ්‍ය කරන ඕනෑම අපොයින්ට්මන්ට් එකක් හෙවත් ඔබට අවශ්‍ය සේවා කලින් වෙන්කරවා ගැනීමේ පහසුකම් සලසා දෙන අති සාර්ථක සේවාවකි. විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමට පමණක් සීමා වී තිබූ මෙකී තාක‍ෂණය EasyBooking හරහා දැන් ඔබේ ඕනෑම අවශ්‍යතාවක් සඳහා යොදා ගැනීමට පුළුවන්. ඒ අනුව ඔබට රූපලාවන්‍යාගාරයකට යාමට අවශ්‍ය වුවත්, වාහනය අලූත්වැඩියාව සඳහා යොමු කිරීමට අවශ්‍ය වුවත්, ඔබට අවශ්‍ය ඕනෑම ආයතනයකින් ඕනෑම සේවාවක් ලබා ගැනීමට අවශ්‍ය වුවත් EasyBooking හරහා search කර ඔබට පහසු වේලාවක් වෙන් කර ගැනීමට පහසුකම් ඒ තුළ තිබෙනවා. එමෙන්ම ඉතාම පහසු ආකාරයට Credit Card හෝ Easy Cash සේවාව මඟින් සියලූම ගෙවීම් කටයුතු සිදු කිරීමට හැකියි. මේ සඳහා 4000කට අධික සේවාදායකයන් ප්‍රමාණයක් EasyBooking සමඟ අත්වැල් බැඳගෙන සිටිනවා. ඉන් ඕනෑම ආයතනයක් ඔබට ඔබේ සේවාවන් ලබා ගැනීම සඳහා තෝරා ගත හැකියි. උදාහරණයක් ලෙස ඔබට කොණ්ඩය කපා ගැනීමට සැලූනය වෙත ගොස් විනාඩි 45ක්වත් එහි වේලාව ගත කිරීමට සිදුවනවා නේද? නමුත් EasyBooking හරහා ඔබට අවශ්‍ය සැලූනයෙන් වේලාව වෙන්කරවා ගත් විට එකී වේලාවටම ගොස් ඔබට අවශ්‍ය ආකාරයට කොණ්ඩය කපාගෙන ගෙදර එන්නත් පුළුවන්. ඒ සඳහා කිසිදු අමතර කාලයක් ඔබට වැය වෙන්නේ නෑ. විශේෂයෙන්ම අපොයින්ට්මන්ට්ස් වෙන් කිරීමේදී අපට තිඛෙන කාර්යබහුලතාවත් සමඟ විටෙකදී වෙන් කෙරූ වෙලාවට අදාළ ස්ථානයට යාමට අමතක කරන්න පුළුවන්. නමුත් EasyBooking භාවිතා කරන ඔබට අමතක වීම් සඳහා කිසිදු ඉඩක් නොතබමින් E-mail හා කෙටි පණිවුඩ මඟින් වරින්වර ඔබේ සේවාව සඳහා වූ වේලාව මතක් කර දෙනවා. සැබැවින්ම එය ඔබට විශාල පහසුවක් වනවා නොඅනුමානයි.

EasyBooking ක්‍රියාවලිය සිදුවන ආකාරය

ඉහත දක්වා ඇති පරිදි ඔබට අවශ්‍යය සේවා ස්ථානය හෝ සේවාව අපගේ වෙබ් අඩවිය තුලින්, මොබයිල් ඇප් එක තුලින් හෝ චැට් බොට් එක හරහා කර, ඔබට පහසු වෙලාවක් තෝරාගෙන කලින් වෙන් කරවාගැනීම සිදු කල හැක.

EasyBooking සේවා ලබා ගැනීම පහත ක්‍රම වලින් ලබාගත හැක:

මෙහෙදී අපගේ චැට් බොට් එක, නැතිනම් EasyBot ගැන විස්තරයක් ඔබට සපයන්නම්.

අපොයින්මන්ට්ස් වෙන්කරවා ගැනීමේදී මෙහිදී ඔබට සේවාව ලබා ගත හැකි වන්නේ සංවාදාත්මක conversational ක්‍රියාවලියක් මඟිනුයි. ඒ, ලෝකයේ ප්‍රථම වරට කෘත්‍රිම බුද්ධිය පාදක කර ගත් විස්මයජනක තාක‍ෂණයක් වෙත ඔබව රැගෙන යමින්ය. එහිදී Facebook Messenger තුළින් EasyBooking සමඟ chat කිරීම මඟින් ඉතාම ඉක්මන් සේවාවක් විනාඩි කිහිපයක් ඇතුළත ලබා ගැනීමට හැකියාව ලැඛෙනවා. සැබැවින්ම එය පරිශීලනය කිරීමේදී එහි ඇති විස්මිත හා ඉක්මන් බව ඔබට වැටහේවි. විශේෂයෙන්ම මෙය ඕනෑම සේවාදායකයෙකුටත් සුවිශේෂී සේවාවක් වන අතර, තමන්ගේ පාරිභෝගිකයන් සමඟ ඍජු සබඳතා ගොඩනඟා ගැනීමට ද මේ තුළින් හැකියාව හිමි වේ.

 

සුවිශේෂී පහසුකම්

EasyBooking භාවිතා කරන ඔබට හිමි වන පහසුකම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඔබේ එදිනෙදා කාලසටහන (Schedule)  නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට අපොයින්මන්ට්ස් වෙන් කිරීම මඟින් අවස්ථාව සැලසෙන අතර EasyBooking මඟින් නැවත මතක් කරදීම ද සිදු කරනවා. තමන්ට කැමැති ස්ථානයක, කැමැති වේලාවක සිට අදාළ ආයතනය වෙත වෙන් කරගැනීම් සිදු කළ හැකියි. මේ තුළින් ඔබේ දත්ත භාවිතයන් සඳහා සම්පූර්ණ ආරක්ෂාව හිමි වනවා. කාලය වෙන් කරවා ගැනීමේදී කිසිදු අමතර ගාස්තුවක් වැය වන්නේ ද නැහැ. ඔබේ දිවියේ එදිනෙදා ඵලදායීතාව මෙන්ම ආයතනික ඵලදායීතාව ද කාල කළමනාකරණය තුළින් හිමි වීමත් විශේෂ පහසුකමක්. මේ සියලූම කටයුත්තක්ම ඔබේ අතේ තිඛෙන ජංගම දුරකථනය හරහාම ඉතාම පහසුවෙන් සිදු කරගත හැකියි. ඒ සඳහා අති විශාල සේවාදායක පදනමක් EasyBooking ඔබට තිළිණ කරනවා. Online payments හා cash payments ක්‍රම ද්විත්වයෙන්ම ඔබට ගෙවීම් කටයුතු සිදු කළ හැකියි.