දෛනික සේවා ලබාගැනීමට රැඳීසිටීමේදී එක් ශ්‍රී ලාංකිකයෙකු වසරකට පැය 50ක් පමණ නාස්ති කරන බව ඔබ දන්නවාද? මූල්‍යය සේවා, රාජ්‍යය සේවා, සෞඛ්‍යය සේවා, රූපලාවන්‍ය සේවා වැනි විවිධ වූ සේවාවන්  එයට අයත් වේ.මෙම ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් ලබාදෙමින් EasyBooking, 2016 වසර අගදී තම මෙහෙයුම් ආරම්භ කරන ලදී.

Easybooking.lk හී ව්‍යාපාර පරමාර්ථ ද්විත්වයකි. පළමු පරමාර්ථයනම් සුළු හා මධ්‍යය පරිමාණ සේවා සැපයුම් ව්‍යාපාර ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වීමයි. එමඟින් ඒවායේ කාර්යෂමතාව වැඩිවී උපරිම පාරිභෝගික ආකර්ෂණයක් ලබාගැනීමට හැකි වේ. ඒ අතරතුර පාරිභෝගිකයන්ට එම සේවා තෝරාගැනීමට සහ අත්විඳීමට පහසු ක්‍රමවේදයක් හිමිවේ. එය දෙවෙනි පරමාර්ථයයි. මෙය කාර්යබහුල ජීවනරටා ඇති පුද්ගලයන්ට බෙහෙවින් උපකාරී වේ.

ඇපොයින්ට්මන්ට්ස් වෙන් කරවා ගැනීම නැතිනම් සේවා කලින් වෙන් කරවා ගැනීම් කෘතිම බුද්ධිය පාදක කරගත් පෙරලිකාර තාක්ෂණයක් මඟින් ඔබව වෙතට ගෙන ඒම ලෝකයේ ප්‍රථම වතාට සිදු කරන්නේද EasyBooking වීම සුවිශේෂී කාරණයකි. එහිදී පරිශීලයකයන්ට සංවාදාත්මක ක්‍රියාවලියකින් Facebook Messenger හරහා EasyBooking සේවා ලබාගැනීමට අවස්ථාව සැලසේ.

2017 ජනවාරි මස වෙළඳ මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු මාස 6ක් වැනි කෙටි කලකදී සාර්ථක සේවා සපයන්නෙකු වීමට EasyBookingහට හැකි වී තිබේ. සුළු හා මධ්‍යය පරිමාන ව්‍යාපාර සේවා සපයන අතරවාරයේ මෙරට ඉදිරියෙන්ම සිටින ව්‍යාපාර 5000ක් හඳුනා ගැනීමද ඔවුන් විසින් සිදු කර ඇත. ඔබගේ ව්‍යාපාරයත් එම ලයිස්තුවේ තිබේදැයි easybooking වෙත පිවිසීමෙන් බලාගත හැක.

සේවා ලබා ගැනීම පහත ක්‍රම වලින් ලබාගත හැක:

EasyBooking ගැන වැඩි යමක්…

ශ්‍රී ලංකාවේ, ඕස්ට්‍රේලියාවේ සහ ඇමෙරිකාවේ වසර 30කට අධික ව්‍යාපාර අත්දැකීම් ඇති පලපුරුදු ශ්‍රී ලාංකික ව්‍යවසාකයන් විසින් ආරම්භ කරනලද EasyBooking ඩිජිටල් යුගයේ ප්‍රතිලාභ උපරිමයෙන් ශ්‍රි ලාංකිකයන්ට ලබාදීමට ඇප කැප වී සිටියි.